ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශ ප්‍රධානී මජිඩ් ඛදීම් අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් ඝාතනය වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් එම ඝාතනයේ වගකීම ඊශ්‍රායලය විසින් භාර ගන්නා බවට ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ ඝාතනය ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) “තවත් දරුණු පහරක්” ලෙසයි ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ.
මජිඩ් කදෙමි මෙම බුද්ධි අංශ ප්‍රධානී තනතුරට පත්ව ඇත්තේ 2025 ජුනි මාසයේ පැවති දින 12ක ඉරාන-ඊශ්‍රායල යුද්ධයේදී ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය මොහොමඩ් කසෙමිගේ අනුප්‍රාප්තිකයා ලෙසයි.
පසුගිය ජනවාරි මාසයේ ඉරානයේ පැවති රාජ්‍ය විරෝධී විරෝධතාවලදී විදේශ මිලිටරි මැදිහත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා ජීවිත හානි වැඩි කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කළ බවට කදෙමි මීට පෙර චෝදනා කර තිබුණි.
එමෙන්ම ඉරානය පුරා පැතිර ගිය එම විරෝධතා රැල්ල සඳහා ඊශ්‍රායලයේ ‘8200’ සයිබර් බුද්ධි අංශය ඇතුළු විදේශීය බුද්ධි සේවා 10කට වැඩි ප්‍රමාණයක් මැදිහත් වූ බවට ද ඔහු චෝදනා කරන ලදී.


