රෂිකා හෙන්නායක අප්‍රේල් 06, කොළඹ LNW :
මෙරට පාසල් පද්ධතිය තුළ බලශක්ති සංරක්ෂණය සහ පාරිසරික තිරසරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නව විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත.
මෙම වැඩසටහන මගින් සිසුන් සහ ගුරුවරුන් අතර සම්පත් සුරැකීමේ යහපත් සංස්කෘතියක් ගොඩනැගීමට අපේක්ෂා කරන අතර ඒ වෙනුවෙන් නව නිල චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.
ඒ අනුව, පාසල් නිවාඩුව ආරම්භ වීමට ප්‍රථම මෙම බලශක්ති සුරක්ෂිතතා පියවරයන් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
යම් හෙයකින් නියමිත දිනයේදී එය සිදු කිරීමට අපහසු නම්, වෙනත් සුදුසු දිනයක් ඒ සඳහා යොදා ගැනීමට ද පාලනාධිකාරියට අවස්ථාව ලබා දී තිබේ.
මෙමගින් සමස්ත පාසල් පද්ධතිය තුළම බලශක්ති භාවිතයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම රජයේ මූලික අරමුණයි.




