ගෝල්ෆේස් කැරළිකරුවන්ගෙන් රට බේරාගත් රනිල්ගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා – චානක

Date:

ගෝල්ෆේස් ඊනියා කැරලිකරුවන් ගේ ක්‍රමන්ත්‍රණ පරාජය කර රට බේරාගත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා පවසයි.

වර්තමානයේ රටේ සියලු ජනතාව මුහුන දෙන ආර්ථික අවපාතයට ප්‍රධානම හේතුව වසර 2ක් පුරා පැවති කොවිඩ් වසංගතය බව පැවසු ඒ මහතා මෙම අර්බුදයෙන් ගොඩ ඒමට පාර්ලිමේන්තුවේ මහාජන නියෝජිතයින් 225 දෙනාම ජනාධිපතිවරයා හට සහාය දීමට පෙලගැසිම කාලීන අවශ්‍යතාවයක් බව පැවසිය.

මේ වන විට ලෝකයේ දියුණු රටවල් පවා ආහාර සහා බලශක්ති අර්බුදයකට මුහුන දි ඇති අවස්ථාවක ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මනා සැලසුමකට අනුව මෙරට ආර්ථිකය කළමණාකරණය කරමින් රට දියුණුවේ නව මාවතක් වෙත යොමු කිරිමට සමත්ව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා මේ බව පැවසුවේ එම පක්ෂයේ තංගල්ල, සීනිමෝදර ශාඛා සංවිධාන ප්‍රතිසංවිධාන රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...