තුර්කියේ ඉස්තාන්බුල් හි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමකින් තිදෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 07 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් තිදෙනාම ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව එහි සඳහන් වේ.

සිද්ධිය අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ එම ගොඩනැගිල්ල තුළ ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයන් කිසිවෙකු රැඳී සිට නැත.

ජනාකීර්ණ ව්‍යාපාරික කලාපයක සිදුවූ මෙම ප්‍රහාරයට හේතුව හෝ ප්‍රහාරකයන්ගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තාව පෙන්වා දෙයි.

කලාපීය වශයෙන් පවතින යුදමය නොසන්සුන්තාවයන් මධ්‍යයේ මෙම සිදුවීම වාර්තා වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...