මෑත කාලීන එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර ඉරාන යටිතල පහසුකම්වලට කළ සහ කරන්නට සැරසෙන විනාශය!

සටහන – පුලී

අප්‍රේල් 07, LNW (කොළඹ): ඉකුත් අඟහරුවාදා රාත්‍රිය වන විට ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමඟ යුද්ධය අවසන් කිරීම සඳහා පිළිගත හැකි ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් ඉරානය පුරා පවතින යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රට පුරා බෝම්බ හෙලන බවට පොරොන්දු වෙමින් ට්‍රම්ප් පැවසුවේ, එක්සත් ජනපද හමුදා ඉරානය පුරා පවතින පාලම් සහ විදුලි බලාගාර මෙලෙස තම ඉලක්කයන්ට නතු කරගන්නා බවයි. ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් “අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇති” බව ඔහු අඟහරුවාදා සමාජ මාධ්‍ය වෙත පළ කළ සටහනක විය.

ගැටුම ආරම්භ වූ දා සිට සාමාන්‍ය ඉරාන වැසියන්ට අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති අතර, පාසල් සහ රෝහල්වලට ඉන් මහා පරිමාණයෙන් හානි සිදුවිය.

පසුගිය සති දෙක තුළ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර අවම වශයෙන් වානේ කම්හල් දෙකක්, පාලම් තුනක් සහ ඖෂධ කම්හලක් ඉලක්ක කර ගෙන ඇති බව ද තහවුරු වූ සාක්ෂි තුළ විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...