පාණ්ඩයාගේ පරිනත වීම

Date:

හාර්ඩික් පාණ්ඩයා දක්ෂයෙක්.හැබැයි දක්ෂයෙක් සහ පරිනත පුද්ගලයෙක් කියන්නෙ සමාන වචන නෙමෙයි.දක්ෂයෙක් පරිනත පුද්ගලයෙක් විම දක්ෂයෙක්ට පමණක් ජයග්‍රාහකයෙක් වීමට වඩා පහසුවෙන් ජයග්‍රහණය හොයාගන්න මාර්ගයක්.පකිස්තානයට එරෙහිව ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය ජයග්‍රහණය පෙන්නුවේ පරිනත දක්ෂයෙක් විසින් ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණ ලබා දීම.

පාණ්ඩයාගේ දක්ෂකම් පරිනත තැනකට ගේන්න බොහෝ විට මහේලගේ මඟ පෙන්විමත් බලපාන්න ඇති.ඔහු මහේල මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ධූරය දරන විට ප්‍රමාද වීම නිසා වර්ණවත් ක්‍රීඩා ඇඳුම් කට්ටල් දඬුවමක් ලෙස අඳින්න වූ කෙනෙක්.ඉන් අනතුරුව කරන ලද කැපවීම් තමයි ඔහුගේ දක්ෂතා පරිනත කර තිබෙනනේ.

පකිස්තානයට එරෙහිව ඔහු දැක් වූ දස්කම් ඉන්දීය ජයග්‍රහණයට මූලිකව වැදගත් වුණා.ඒ එහි තිබුණු යම් යම් තීරණාත්මක හැරවුම් ලක්ෂ නිසා.පකිස්තානු ඉණිමේ හොඳම සබතාවය වාර්තා වුණේ තෙවන කඩුල්ලට.ඒ මොහොමඩ් රිස්වාන් (43) සහ ඉෆ්තිකාර් අහමඩ් (28) අතරයි.ලකුණු 45 ක් වූ එම සබඳතාවයෙන් මුලින්ම ඉෆ්තිකාර් ඉවත් කරන පාණ්ඩයා අනතුරුව ඒ වන විට පකිස්තානු ඉණිමේ නැංගුරම බවට පත් වි සිටි ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් ඉවත් කරනවා.පකිස්තානු ඉණිම කඩුලු දෙකට ලකුණු 87 ක්ව තිබියදී කඩුලු දඩයම අරඹන හාර්ඩික් පාණ්ඩයා තරගයනිමා වන විට ලකුණු 25 ට කඩුලු 3 ක් දවා ගෙන සිටියා.එහෙත් වැදගත්ම 13 වන ඕවරය ආරම්භ වන විට ඕවරයකට ලකුණු වේගය 7 ඉක්මවා තිබූ පකිස්තානයේ කඩුලු 2 ට ලකුණු 87 ක් වූ ලකුණු පූවරුව 15 වන ඕවරයේ දී ලකුණු 97 ට කඩුලු 5 ක් කරන්න පාණ්ඩයා දක්වපු දායකත්වය.එම ලකුණු 10 ඇතුළත දැවි ගිය කඩුලු තුනම දවා ගන්නේ පාණ්ඩයා.

අනතුරුව ඉන්දියාවට පන්දු ඕවර් 20 ට ලකුණු 148 ක ඉලක්කයක් ලැබෙන්නේ පන්දු ඕවර් 19.5 ක් තුළ පකිස්තානය ලකුණු 147 ට දැවී ගිය පසුවයි.ඒ ඉලක්කය හඹා යාම පහසු නොකරපු පකිස්තානු පන්දු යවන්නන් 15 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවේදි ඉන්දිය ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුනු 89 ක් බවට පත් කළා.රවීන්ද්‍ර ජඩේජා යම් වේගයක් එකතු කරන්නට උත්සාහ කරමින් සිටියත් එය පහසු වුණේ නැහැ.නමුත් හාර්ඩික් පාණ්ඩයාගේ පිත්ත ඒ වගකිමට උර දුන්නා.තරගය නිමා කරන විට පාණ්ඩයා පන්දු 17 ක් තුළ නොදැවී ලකුණු 33 ක් ඉන්දීය කණ්ඩායමට එකතු කර තිබුණා.ඒ වගේම පස්වන කඩුල්ලට රවීන්ද්‍ර ජඩේජා (35) සමඟ තරගයේ හොදම කඩුලු සබඳතාවය ලෙස ලකුණු 52 ක් එකතු කරන්නත් දායක වුණා.

මේ නිසා ඉන්දිය ජයග්‍රහණයට පාන්දුවෙන් කළ හැරවුම මෙන්ම පිත්තෙන් කළ හැරවුමේ ද කෙන්දීය චරිතය වෙමින් ඔහු පෑ දස්කමට දිය යුතු වටිනාකම දෙමින් හාර්ඩික් පාණ්ඩයා තරගයේ වීරයා බවට පත් කරා.ජඩේජාට අමතරව නායක රෝහිත් ෂර්මා සමඟ ලකුණු 49 ක් දෙවන කඩුල්ලට එකතු කරමින් කලකට පසුව විරාට් කෝලි ලකුණු 35 න් ජයග්‍රහණයට අවශ්‍යය ශක්තිය සිය පිත්තෙන් සැපයුවද ඒ සඳහා ඔහුට පන්දු ද 35 ක් වැය වි තිබුණා.ඉතාම සූක්ෂම පන්දු යවන්නෙක් වන බුවනේස් කුමාර් ඉන්දිය පන්දු යවන්නන්ගේ බල ඇණියේ සාර්ථකම පන්දු යවන්නා වෙමින් ලකුණු 26 ට කඩුලු 4 ක් දවා ගත්තා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...