ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව රැස්වෙයි!

කොළඹ LNW:ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස් විය.

මින් පෙර පැවති සාකච්ඡාවල ප්‍රගතිය සහ උතුරු ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරු සහ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු මතු කළ කරුණු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීමේදී මෙන්ම වසා දමා ඇති මාර්ග කොටස් විවෘත කිරීමේදී මතුව ඇති ගැටලු හා ඊට ලබා දිය හැකි සාධනීය විසඳුම් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, ආගමික සිද්ධස්ථානවලට අදාළ ඉඩම් පිළිබඳ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලීය.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය මෙන්ම ගොවි ජනතාවට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සහ එහි ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

2025 වසරේ පමණක් උතුරේ පෞද්ගලික ඉඩම් අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇති බවත් අනෙකුත් ඉඩම්ද ක්‍රමානුකූලව නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ජන ජිවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩම් නිදහස් කරන අතරම කර්මාන්ත සහ ආර්ථික කටයුතු වෙනුවෙන් පවතින ඉඩම් කළමනාකරණය කර ගැනීම
රජයේ අපේක්ෂාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා ගත හැකි ඉදිරි පියවර පිළිබඳ සොයා බලන ලෙසද උපදෙස් දුන්නේය.

ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධනය සහ ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනවල කටයුතු පිළිබඳවද මෙහිදී විමසා බැලුණු අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නියෝග සඳහා උපදේශක කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමද සිදු විය.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර යන මහත්වරු සහ පක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ

ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...