ඉරාන සටන් විරාමය සහ ලෙබනනය ගැන නෙතන්යාහු කියන කතාව!

රෂිකා හෙන්නායක අප්‍රේල් 08 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් සති දෙකක තාවකාලික සටන් විරාමය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් පිළිගෙන ඇති නමුත්, එය ලෙබනනයට අදාළ නොවන බව ඔහු අවධාරණය කරයි.

ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට සහාය පළ කරන අතරම, ලෙබනනයේ ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානයට එරෙහි සිය හමුදා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, මෙම සටන් විරාමය ලෙබනනය ඇතුළු සියලු ප්‍රදේශවලට බලපාන බව මීට පෙර පකිස්ථානය නිවේදනය කළ ද, ඊශ්‍රායලය එම ස්ථාවරය ප්‍රතික්ෂේප කරයි.

ලෙබනනය තුළ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වන විට විශාල පිරිසක් මියගොස් ඇති අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී සිටිති.

මෙම තත්ත්වය හමුවේ ඉරානය සහ ඇමරිකාව අතර සටන් විරාමයක් පැවතුණද, ලෙබනන් දේශ සීමාවේ පවතින සන්නද්ධ ගැටුම් තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් පවතී.

ඒ අනුව මැදපෙරදිග පවතින සංකීර්ණ යුද වාතාවරණය සහ රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවල ඇති පරස්පරතා මෙම ප්‍රකාහය හරහා මැනවින් පැහැදිලි කෙරේ.