රෂිකා හෙන්නායක අප්‍රේල් 10, කොළඹ LNW :
රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුම්වලට සමගාමීව පාසල් නිවාඩු කාලය අද සිට අප්‍රේල් 19 දක්වා ක්‍රියාත්මක වේ.
ඒ අනුව, දෙවන පාසල් වාරය අප්‍රේල් 20 වන සඳුදා ආරම්භ වීමට නියමිත අතර ජූලි 24 වන සිකුරාදා දක්වා පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.



