රජයේ සහන පැකේජයට IMF ප්‍රසාදය!

කොළඹ LNW:මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති මෙරට සහන අවශ්‍ය කණ්ඩායම් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් රුපියල් බිලියන 100ක සහන පැකේජය අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානි Evan Papageorgiou ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (09) කොළඹ මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් මෙරට ආනයන අපනයන වෙළෙඳාමට, සංචාරක ඉපයීම්, විදේශ ප්‍රේෂණ අඩු වීම ඇතුළු සෘජු බලපෑම් ගණනාවක් සිදුවිය හැකි බව අවධාරණය කළ IMF මෙහෙයුම් මණ්ඩල ප්‍රධානියා, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම සාර්ථක මට්ටමකට ළඟාවී ඇති මෙහොතක බදු ආදායම් කාන්දුවීම් වැළැක්වීමට පියවරගත යුතු බවද සඳහන් කර තිබේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ හා කම්කරු නීති රීති ඇතුළු ආයෝජන හිතකාමී නව නීති රීති බලගැන්වීම ද අනිවාර්යයෙන් කළ යුතු බව ඔහු පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...