*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

කිරුළ රැකගන්න යන ගමනේ නායකත්වය ගයංජලීට,උප නායකත්වය දුලංගිට

සැප්තැම්බර් 3 වන දා ඇරඹෙන ආසියානු නෙට්බෝල් සූරතාවලියේ ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම ගයංජලි අමරවංශට පැවරි තිබෙනවා.උප නායකත්වය දරන්නේ දුලංගි වන්නිතිලකයි.ශ්‍රී ලංකාවට මේ තරගාවලියේ දි එල්ලවන පීඩනය වගකීමක් වන අතර එම වගකීම වත්මන් ආසියානු සූරතාවලි සූරියන් ලෙස එම සූරතාවය රැකගන්නේ කෙසේද යන්නයි.
තරගාවලියට සහභාගි වන දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම පහත පරිදි දක්වා තිබෙනවා. ගයන්ජලී අමරවංශ – නායිකා,දුලංගි වන්නිතිලක – උප නායිකා,තර්ජනී සිවලිංගම්,සේමිනී අල්විස්,හසිතා මෙන්ඩිස්,එම්.ඒ.ඉදුෂා ජනනි පෙරේරා,එල්.රෂ්මි දිව්‍යාංජලී පෙරේරා,බාෂිනී ද සිල්වා,චතුරංගි ජයසූරිය,මල්මි හෙට්ටිආරච්චි,ගයානි දිසානායක,දීපිකා දර්ශනී අබේකෝන් වන එම ක්‍රීඩිකාවන් අතර මීට පෙර ශ්‍රී ලංකාවට නායකත්වය දුන් සේමිනි අල්විස්,තර්ජණි සිවලිංගම් මෙන්ම අවසාන වරට ශ්‍රී ලංකාවට නායකත්වය දුන් සහ ලෝක සූරතාවලියේදි ද ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති චතුරංගි ජයසූරිය සිටිනවා.ඒ නිසා මෙන්ම කණ්ඩායම් සංයුතිය යම් ආකාරයකට අත්දැකිම් සහිත තරු ජවයේ සම්මිශ්‍රණයක් ලෙස හැදින්විය හැකි අතර වසර ගණනකට පෙර ශ්‍රී ලංකාව සහභාගිවන තරගාවලියක් බැවින් ජාත්‍යන්තර පිටියේ තමන්ගේ තත්ත්වය මේ වන විට හරියටම අවබෝධ කරගෙන ඇතැයි සිතන්නට බැහැ.
නමුත් ශ්‍රේණිගත කිරීමේ දත්ත දිහා බලද්දී ආසියාවේ අනෙකුත් කණ්ඩායම් ද කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වැඩි ජාත්‍යන්තර තරග ගණනකට යොමු වි ඇති බවක් පෙනෙන්නේ නැහැ.එය එක් අතකට යහපත් එකක් වන අතර තවත් අතකට ප්‍රසිද්ධියේ නොදැක තිබීමෙන් ඔවුන්ගේ අභ්‍යන්තරික පුහුණුවේ ප්‍රතිපල ක්‍රීඩාංගණයේදීම දකින්නට වීම ද යම් ආකාරයක ගැටළුවක්.පවතින ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිටින්නේ 19 වන තැනයි.ඉන් අනතුරුව සිටින්නේ මැලේසියාවයි.ඒ 25 වන තැන.සිංගප්පූරුවට ඉදිරියෙන් හොංකොං කණ්ඩායම සිටිනවා.ඒ 31 වන ද්ථානයේ වන අතර සිංගප්පූරුව සිටින්නේ 34 වන තැනයි.

ආසියාවේ ප්‍රබලම නෙට්බෝල් ජාතිය ශ්‍රී ලංකාව බව ආසියානු කුසලාන ඉතිහාසය පැහැදිළි කරනවා.පස් වතාවක් ශ්‍රී ලංකාව සූරතාවය දිනා තිබෙනවා.සිංගප්පූරුව තෙවතාවක් ද,මැලේසියාව දෙවතාවක් ද හොංකොං එක් වරක්ද ආසියානු සූරියන් වි සිටිනවා.මේ එකළොස් වතාවේදි දෙවරක් හැරෙන්නට ශ්‍රී ලංකාව තෙවන තැන දක්වා පහත වැටි නැහැ.ඔවුන් 1993 දි සහ 2005 දී තෙවන තැන දක්වා පහත වැටි තිබෙනවා.
තරගාවලියේ පුහුණුකාරිත්වය වසර ගණනක සටනින් පසුව මෙවර හයසින්ත් විජේසිංහ සතු වි තිබෙනවා.ඇය 2001 දි ශ්‍රී ලංකාවට සූරතාවය දිනා දීමට ක්‍රීඩිකාවන් තරමටම මෙහෙයක් කළ තැනත්තියක්.විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පැවති එම තරගාවලියේදි අවසාන විනාඩි කිහිපය තුල ඉදිරියෙන් සිටි සිංගප්පූරුව අභිබවා යන්නට හයසින්ත් විසින් කරන ලද ධම්මිකා වික්‍රමසිංහගේ කැඳවිමම හේතුවක් වුණා.නමුත් ඉන් අනතුරුව විවිධ තත්ත්වයන් යටතේ ඇයි විසින්ම අත්කර ගත් කීර්තිය ඇය විසින්ම යම් යම් ආකාරයට පළුඳු කරගත් අතර මේ ඇයට එය ප්‍රායෝගිකව නැවත අත් කර ගන්නට ලැබුණු හොඳම අවස්ථාවද වෙනවා.
තිලකා ජිනදාසගේ පුහුණුකාරිත්වය ඇය හැමවිටම අභියෝගයට ලක් කළේ එම ජයග්‍රහණ තර්ජණී නිසා ලැබෙන බව කියමින් වන අතර නමුත් 2014 දී තර්ජණි සහ ගයාත්‍රී ලංකාතිලකගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකාවේදීම අනු සූරතාවයෙන් සෑහෙන්නට සිඳු වුණා.ඒ නිසා හයසින්තට මේ මොහොතේ නැවතත් ඇය විශ්වාස කරන අන්දමට තිලකාගේ ජයග්‍රාහි සංඛේතය මෙහෙයවන්නට අවස්ථාව ලැබි තිබෙන අතර තර්ජණී ද ඕස්ට්‍රේලියාවේ වෘත්තීය මට්ටමෙන් ක්‍රීඩා කර දස්කම් සහිතව පැමිණ තිබෙන මොහොතක තරගාවලියට එක් වීම ද කණ්ඩායමට යහපත් තත්ත්වයක්.

ශ්‍රී ලංකාවට පළමු වටයේ දී හමුවන ඉන්දියාව සහ පිලිපීනය සමඟ තරගයක් නොමැති වුව දෙවන වටය ආරම්භයේදීම බොහෝ විට හමුවනු ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී ශ්‍රී ලංකාවට පිටුපසින් සිටින ආසියානු කණ්ඩායම වන මැලේසියාවයි.එසේම දෙවන වටයට පිවිසීම සඳහා බොහෝ විට කාණ්ඩ හතරේ සූරයන් වීමට ඉඩ ඇත්තේ ශ්‍රී ලංකාව,මැලේසියාව,සිංගප්පූරුව සහ හොංකොං කණ්ඩායම් විය හැකියි.මේ කණ්ඩායම්වලට මුහුණ දීමේදි දක්ෂතාවය මෙන්ම දරා ගැනීම සහිත ශාරිරික යෝග්‍යතාවය අතිශයින් වැදගත් වන අතර පසුගිය ජයග්‍රාහි සමයේ ඒ තත්ත්වය ඉතා හොඳින් ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් කළමණාකරනය වූ බව දකින්නට තිබුණා.
මෙහිදී සිංගප්පූරුව සම්බන්ධයෙන් ඉතාමත් සැළකිල්ලෙන් ක්‍රීඩා කරන්නට සිඳු විය හැකියි.ඒ ඔවුන් තරගාවලිය සංවිධානය කරන නිසාම නොවේ.2014 තරගාවලියෙන් පසුව සිංගප්පූරුවට සූරතාවය අත් කර ගන්නට අවස්ථාව උදා වී නැහැ.2016 දී මැලේසියාව සහ 2018 දී ශ්‍රී ලංකාව කුසලානය ලබාගෙන තිබීම නිසා ඔවුන් 2022 දි කලෙකට පසුව එන අවස්ථාවේදි සිය රටේ තමන්ගේ මනසට විශාල උද්යෝගයක් සපයන පරිසරයක කුසලානය රඳවා ගන්නා බොහෝ සේ සැළසුම් සකස් කර ඇති බව නිසැකයි.නමුත් ශ්‍රී ලංකා පුහුණුකාරිය කලෙක සිංගප්පූරුවට ද පුහුණුකාරිය වන්නට තරම් දක්ෂතා අතින් ඉහළ සිටි අයෙක් නිසා සිංගප්පූරු මානසිකත්වය ගැන ඇති අවබෝධය අනුව එම රිද්මය ගැන පූර්ව අවබෝධයකින් කටයුතු කරනු ඇතැයි සිතිය හැකියි.එසේම තේරීම් කමිටුවේ කාර්යය පසෙක දමා ඔවුන් විසින් නම් කරන ලද ක්‍රීඩිකාවන් 12 දෙනා අතරට අතිරේක ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ද රැගෙන යමින් උත්සාහ කරන්නේ හයසින්ත්මය ස්වරූපය පෙන්වන්නටනම් එය ද කණ්ඩායම් හැඟිමට හානිදායි විය හැකි කණ්ඩායමේ ජයග්‍රහණය විසුණු කර දැමිය හැකි තත්ත්වයක් විමට ද ඉඩ ඇති බව පුහුණුකාරිය මෙන්ම නිලධාරින් හැටියට මේ සංචාරයට එකතු වෙන සියලු දෙනාමත් පරිපාලනයත් දැනගත යුතුය.

කෙසේ වුවත් මේ කණ්ඩායමට ක්‍රීඩා පිටියේ නිශ්චිත ස්ථානයකින් තොරව පන්දුව පාලනය කරමින් ජයග්‍රහණයේ ගමණට දායකවිමට හැකියාව තිබෙන බවක් සිතිය හැකියි.විශේෂයෙන්ම ඒ පන්නයට හැඩ ගැසුණු දුලංගි, ගයන්ජලී වැනි ක්‍රීඩිකාවන්ද.ගයනි,චතුරංගි වැනි අත්දැකිම් ඇති ක්‍රීඩිකාවන් ද තරගාවලිය දිගටම රඳවා ගැනිමට හැකිවන අයුරෙන් තර්ජණීව භාවිතයට ගැනීමට හයසින්ත් කල්පනා කරන ආකාරය ද මෙවර ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා ඉරණමට බෙහෙවින් වැදගත් වනු ඇත.කණ්ඩායමට එකතු වි සිටින මල්මී මෙන්ම සේමිණි,හසිතා වැනි ක්‍රිඩිකාවන් මේ වන විට විවිධාකාරයෙන් යොදවා ගැනීමට හයසින්ත් මෙහෙයවා ඇත්තේ කෙසේද යන්නත්,එය ජයග්‍රහණයට උපකාර කරනු ඇත්තේ කෙසේද යන්නත් දෙස අපි අවධියෙන් බලා සිටින්නෙමු.ඒ සැප්තැම්බර් 11 වන දා සැදෑ සමයේ සිංගප්පූරුවේ OCBC ඇරිනාවේ දී ශ්‍රී ලංකා ජාතික ගීය ශ්‍රවණය වෙනු ඇතැයි විශ්වාසයෙන්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan