වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අප්‍රේල් 12) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු පළාතෙත් අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද (12) දින දහවල් 12:11 ට චෙඩ්ඩිකුලම්, කැබිතිගොල්ලෑව, ගෝමරන්කඩවල සහ නිලාවේලි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...