සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බොලිවුඩයේ ජනකාන්ත මෙන්ම මනස්කාන්ත හඬ පෞර්ෂය ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ අද(12)අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට 92 හැවිරිදි වියේ පසු වූ ඇය ඊයේ(11)දිනයේදී ස්වසන අබාධයක් හේතුවෙන් මුම්බායිහි බ්රීච් කැන්ඩි රෝහලට ඇතුලත් කිරීමෙන් හෘදයාබාධයක් සහ පෙනහළු ආශ්රිත සංකූලතා ඇයගේ මරණයට පත්ව ඇත.
ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකාවක් වන ඇය 1933 සැප්තැම්බර් මස 08 වන දින සන්ග්ලිහි සංගීතමය පවුලක උපත ලැබූ අතර වයස අවුරුදු 9 දී පමණ ඇයගේ පියාගේ අභාවයෙන් පසු ඔවුන්ගේ පවුලේ අයට සහයෝගය පිණිස ඇය සහ ඇගේ වැඩිමහල් සොහොයුරියවූ ලතා මන්ගේෂ්කාර් ගීත ගැයීමට සහ චිත්‍රපට රංගනයට දායක විය.
ඇයගේ පලමු චිත්‍රපට ගීතය වූයේ 1943 තිරගත වූ මරාති චිත්‍රපටයක්වූ මජ්හා බල් හි “චල චල නව් බලා”, නම් ගීත ගායනයයි.ඉන් අනතුරුව ඇයගේ හින්දි සිනමා මුල්ම ගීතය වන්නේ ”සාවන් ආයා‘ හන්ස් රාජ් බෙහෙල්ස් චුරන්යා චිත්‍රපටයයි (1948). ඇගේ පළමු ඒකල හින්දි චිත්‍රපට ගීතය වූයේ රාට්කි රාණී (1949)ය.
1943 සිට වන අතර ඇය දශක අටක කාලයක් බොලිවුඩයේ සංගීත ක්ෂේත්රයේ රැදී සිටීයි. ඇය බොලිවුඩ් සිනමා නිර්මාණ දහසකට අධික ප්‍රමාණයකට පසුබිම් ගායනයෙන් දායක වී ඇති අතර ඇය විසින් ගායනා කරන ලද ගීත අතර චිත්‍රපට ගීත, පොප් ගීත, බජන් ගීත, පාරම්පරික ඉන්දියානු ගීත, ජන ගීත ආදිය වේ. හින්දි භාෂා ගීත වලට අමතරව, වෙනත් ඉන්දියානු භාෂා ගීත සහ විදේශීය භාෂා ගීත 20කට අධික ප්‍රමාණයක්ද ඊට අයත් වෙයි.
වර්ෂ 2006දී ඇය පවසන්නේ ඇය ගීත 12,000ක් පමණ ගායනා කළ බව ප්‍රකාශ කර තිබු අතර 2011හිදී, ලෝක ගිනස් වාර්තා පොතට අනුව ඉතිහාසයේ වැඩිම ගීත ගායනා කල පුද්ගලයා බවට ඇය නිළ වශයෙන් නම් කරන ලදී.
සංගීතයට සිදු කළ ඉහතම සේවය අගය කරමින්, ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මාන වන පද්ම විභූෂණ සහ දඩාසාහිබ් ෆාල්කේ සම්මානවලින් ඇය පිදුම් ලබා ඇති අතර මිට අමතරව 18 වතාවක් ඇයගේ නම ෆිල්ම් ෆෙයාර් හොඳම කාන්තා පසුබිම් ගායිකාවක ලෙස යෝජනා වී ඇති අතර 7ත් වතාවාක් ඇය ෆිල්ම් ෆෙයාර් හොඳම පසුබිම් කාන්තා ගායිකාවක ලෙස සම්මාන හිමි කරගෙන ඇත.
ෆිල්ම් ෆෙයාර් හොඳම කාන්තා පසුබිම් ගායිකා සම්මානය
1968: “ගරිබින් කි සුනෝ” (ඩස් ලක්, 1966)
1969: “පර්දේ මෙයින් රෙහෙන් දෝ” (ශිකාර්, 1968)
1972: “පියා ටු අබ් ටෝ ආජා” (කැරවැන්, 1972)
1973: “ඩූම් මරෝ ඩූම්” (හරේ රාමා කරේ ක්‍රිශ්නා, 1972)
1974:”හොනෙ ලගී හඉන් රාට්” (නයිනා, 1973)
1975: “චේන් සේ හිම්කෝ කභි” (ප්‍රාන් ජයේ පර් වචාන් නා ජයේ, 1974)
1979: “යෙහේ මෙර දිල්” (දොන්, 1978)
දශක අටකට වඩා වැඩි කාලයක් සිය මධුර මනෝහර හඬින් හින්දි ගීතයට පන පෙවූ ඇය ඉන්දීය සංගීත ක්ෂේත්රයේ රැජිනක් ලෙස සැලකේ,



