ගල් අඟුරු වංචාවක් සිදුව ඇතැයි ඇතැමුන් අර්ථ දැක්වීමට උත්සාහ කළත් ගල් අඟුරු වංචාවක් සිදුව නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
“අපිට කිසිම වුවමනාවක් නැහැ මේ ආණ්ඩුවට ඇවිල්ලා අපිට දේවල් කරගන්න. අපිට ඕනෙ සාමාන්‍ය මිනිස්සුන්ට දේවල් කරන්න. ගල් අඟුරු වංචාව කියලා අර්ථ දක්වන්න හැදුවත් ගල් අඟුරු වංචාවක් සිදුවෙලා නෑ. අපේ ඇමතිවරයා හෝ අපේ ඇමතිවරයාගෙ කාර්ය මණ්ඩලය හෝ අපේ රජයේ කිසි කෙනෙක් හොරකම් කරලාත් නෑ, හොරකම් කරන්නෙත් නෑ, හොරකම් කරන්න ඉඩ දෙන්නෙත් නෑ”
සුසිල් රණසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) රාජාංගනය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.


