ආණ්ඩුවේ මන්ත්‍රීලටත් ගෑස් නෑ – ඩයනා ගෑස් ලොරියක් පසුපහ හඹා ගිහින්

ගෑස් අර්බුදය මේ වනවිට මෙරට ජනතාව මුහුණ දෙන දැවැන්තම ගැටලුව බවට පත්ව තිබෙනවා. ගෑස් ලබා ගැනීම සඳහා හාෆ් ඩේ නිවාඩු ගැනීමට රැකියාවල නිරතව සිටින පුද්ගයන්ට සිදුව ඇති අතර ගෑස් ලබා ගැනීමට නම් වරු ගණන් පෝලිමේ සිටීමට සිදුව තිබේ.

මේ අතර ගෑස් පෝලිමේ සිය ස්ථානය වෙන් කරවා ගැනීම සඳහා රුපියල් 500 – 1000 අතර මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද වාර්තා වී තිබිණි. කොළඹ ඇතැම් ප්‍රදේශවල නම් දින දෙක තුන පෝලිමේ සිටීමටද සිදු තිබේ.

සාමාන්‍ය ජනතාව පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ටද ගෑස් සපයා ගැනීම දැඩි ගැටලුවක් වී තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට සිය නිවසේ භාවිතය සඳහා ගෑස් සිලින්ඩයක් මිලදී ගැනීම සඳහා ගෑස් ප්‍රවාහනය කරන ලොරියක් පසුපස හඹා යාමට සිදුව තිබේ.

සිය නිවසේ ගෑස් සිලින්ඩරයේ ගෑස් අවසන්වීම හේතුවෙන් ඇය පැලවත්ත ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයෙකු වෙත ගොස් ඇති අතර කෙසේ නමුත් ඒ වනවිටත් එහි ගෑස් තොග අවසන්ව තිබෙනවා. ඉන් අනතුරුව අතුරුගිරිය ප්‍රදේශයට යමින් සිටි ඇයට, ගෑස් ලොරියක් ගමන් කරනු දක්නට ලැබී ඇත.

ලොරිය පසුපහ හඹා ගිය මන්ත්‍රිවරිය ඔරුවල ප්‍රදේශයේ වෙළඳසැළක් අසලදී අදා ලොරියෙන් ගෑස් සිලින්ඩරයක් ලබාගෙන තිබෙනවා.

මහජන නියෝජිතයන්ට එවැනි ආකාරයෙන් හෝ ගෑස් ලබා ගැනීමට හැකි වුවද සාමාන්‍ය ජනතාවට නම් රැකියාවටද නොගොස් ආදායම්ද අහිමි කර ගනිමින් දින ගණන් පෝලිම්වල රස්තියාදුවීමට සිදු වේ. එසේ නැතහොත් භූමිතෙල් හෝ දරලිප් භාවිතා කිරීමට සිදු වේ. එයද අසීරු වී තිබන්නේ භූමිතෙල් සඳහාද පෝලිමේ සිටීමට සිදුව තිබීම නිසාය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලලිත්-කුගන් නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය අධිකරණය හමුවේ පෙනී සිටියි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW: 2011 වසරේදී යාපනයේදී දේශපාලන...

කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් සොයමින් නව මෙට්‍රෝ බස් 112ක් ධාවනයට එක්වෙයි!

කොළඹ LNW:කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත්...

ඥානසාර හිමිගේ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිගෙන් මෝසමක්!

කොළඹ LNW:ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ...

නඩු දෙකටම නාමල් යළි රිමාන්ඩ්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින්...