ප්‍රංශය නැටුමින්, රංඟනයෙන් මුසපත් කළ තවත් එක් කලාකාරිනියකගේ නික්ම යෑම! – Nathalie Baye

සටහන – පුලී

අප්‍රේල් 19, LNW (කොළඹ): Nathalie Baye – ප්‍රංශ සිනමාවේ බොහෝ දෙනා ආදරය කරන ලද ප්‍රබල රංඟනශිල්පිනියක්! ඒ කාලේ අපි ආදරය කළ, සිහින මැවූ සහ අපි හැදී වැඩුණේ ද ඇයගේ සිනමා නිර්මාණ නරඹමින් බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසීය.

ප්‍රංශයේ ඔස්කාර් සම්මාන උළෙලට සමාන සීසර්ස් සම්මාන උළෙලේ සිව් වතාවක් රංගන ක්ෂේස්ත්‍රයේ ජයග්‍රාහිකාවක් වූ Baye, 1970 දශකයේ මුල් භාගයේ කැපී පෙනෙන චරිත නිරූපණය කරමින් ඇගේ ජීවිත කාලය තුළ චිත්‍රපට 80 කට පමණ සිය රංඟනයෙන් දායකත්වය සැපයීය.

ඇය සිය රංඟන ජීවිතය ගත කළ නිර්මාණ අතර, එවරි මෑන් ෆෝ හිම්ෆෙයා (1980), ස්ට්‍රේන්ජ් ඇෆෙයාර් (1981), ලා බැලන්ස් (1982) සහ ද යං ලුතිනන් (2005) මෙන්ම; ඩේ ෆෝ නයිට් (1973), කැච් මී ඉෆ් යූ කැන් (2002), ටෙල් නෝ වන් (2006) සහ ද ඇසිස්ටන්ට් (2015) ඇතුළත් වේ. 

77 විය පසුකරමින් සිටියදී ඉකුත් සිකුරාදා සවස පැරිසියේ ඇගේ නිවසේදී ඇය ඩිමෙන්ශියා රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී මිය ගිය බව ඇගේ පවුලේ අය ප්‍රංශ ප්‍රවෘත්ති ඒජන්සිය වන ඒඑෆ්පී වෙත පවසා තිබේ.

1948 දී නෝමන්ඩි හි බොහීමියානු කලාකරුවන්ගේ පවුලක උපත ලැබූ Baye රංගනයට යොමු වීමට පෙර නර්තන ශිල්පිනියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය.

Images : Internet

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...