Home විදෙස් වසර පහක් තුළ අටවන වරටත් බල්ගේරියානුවන් මැතිවරණයකට යයි!

වසර පහක් තුළ අටවන වරටත් බල්ගේරියානුවන් මැතිවරණයකට යයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 19 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බල්ගේරියාවේ පැවැත්වෙන අටවන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු ඉදිරිපත් කරයි.

දූෂණයට එරෙහිව ඇති වූ දැවැන්ත මහජන විරෝධතාවලින් පසු එරට පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා මෙම ඡන්ද විමසීම පවත්වනු ලැබේ.

මෙහිදී ප්‍රගතිශීලී බල්ගේරියාව නම් නව දේශපාලන කණ්ඩායම මෙහෙයවන හිටපු ජනාධිපති රූමන් රේඩෙව් ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.

රුසියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට කැමති ඔහු, එරට පවතින බලවත් ප්‍රභූ පාලනය අවසන් කිරීමට පොරොන්දු වී ඇත.

පසුගිය වසර පහ පුරා බල්ගේරියාවේ පවතින දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීම මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණයි.

තරුණ පරපුරේ දැඩි මැදිහත්වීම මත සිදුවන මෙම දේශපාලන වෙනස යුරෝපීය කලාපයට ද වැදගත් වනු ඇත.