Home විදෙස් “දෙවියන් වහන්සේ යටතේ එක් ජාතියක්” ට්‍රම්ප් නමින් නව ස්මාරකයක් ඉදි කෙරේ

“දෙවියන් වහන්සේ යටතේ එක් ජාතියක්” ට්‍රම්ප් නමින් නව ස්මාරකයක් ඉදි කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නමින් නව ජයග්‍රාහි ආරුක්කුවක් වොෂින්ටන් ඩී.සී. හි කොලොම්බියා දූපතේ ඉදිකිරිම වෙනුවෙන් ධවල මන්දිරය සැළසුම් කරමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිදු කරන ලද මහජන අදහස් 100%ක් විරෝධය පළකර තිබියදී ට්‍රම්ප්ගේ සමීපතමයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් ඊයේ(18)දිනයේදී යම් යම් වෙනස්කම් සමඟ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ඡන්දය ලබා දී ඇත.

“දෙවියන් වහන්සේ යටතේ එක් ජාතියක්” යනුවෙන් සඳහන් රන් සෙල්ලිපිය නිරූපණය කර ඇති අතර එය රන් රාජාලීන් දෙදෙනෙකුගෙන් ආවරණය කර ඇති අතර රන් සිංහයන් හතර දෙනෙකුගේ ප්‍රතිමා වලින් ආරක්ෂා කර ඇත.

එමෙන්ම මෙම ජයග්‍රාහි ආරුක්කුව වශයෙන් හඳුන්වන ස්මාරකය අඩි 250 (මීටර් 76)ක් උසින් යුක්ත වනු ඇති අතර ඒ අනුව එය, එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට සහ ලින්කන් අනුස්මරණයට වඩා උස වනු ඇති අතර ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, “ලෝකයේ ඕනෑම තැනක ඇති ශ්‍රේෂ්ඨතම සහ ලස්සනම ජයග්‍රාහී ආරුක්කුව” මෙය වනු ඇති බවයි.