ආර්ථිකය 8.7% කින් සංකෝචනය වන බවට IMF පුරෝකතනය කරයි

Date:

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගැලවීම සඳහා ණය සහන ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය අගෝස්තු 24 වැනිදා මෙරටට පැමිණියේය. මෙරට බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා අනුව දෙපාර්ශ්වය මූලික මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

මෙම එකඟතා සම්බන්ධයෙන් දූත මණ්ඩලය අද නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව උග්‍ර අර්බුදයකට මුහුණ දී සිටින බවත්, බාහිර කම්පනවලට ඔරොත්තු දීමට ඇති ආරක්ෂණ ප්‍රමාණවත් නොවීම සහ තිරසාර නොවන රාජ්‍ය ණය තත්වය මත අවදානම වර්ධනය වී ඇති බවත් මුල්‍ය අරමුදල පෙන්වා දෙනවා. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධා සිදුවීම හේතුවෙන් ආර්ථික ක්‍රියාකාකම් අඩාල වී ඇති බවද අදාල නිවේදනයේ සඳහන් වේ.

මෙම තත්වය ඉදිරියටද බලපානු ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වසර අවසන් වනවිට මෙරට ආර්ථිකය 8.7% කින් සංකෝචනය වනු ඇති බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකතනය කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...