දිය රත්වෙන තුරු හැලියේ සිටින්නේ කවුද ? අයවැයේ සැඟවුණු කතාව කුමක්ද ? – සජිත් (VIDEO)

Date:

පවතින ආර්ථික අර්බුදය හමුවේ මුළු රටම ශෝකයෙන් හඬාවැටෙද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩු පක්ෂය පමණක් සතුටින් ඉපිළ යමින් සිටින බවත් ඔවුන් ජලය රත්වන තුරු සැළියේ දිය කෙළින කකුළුවන් වැනි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතුරු අයවැය සම්පූර්ණයෙන්ම ජනතාව රවටන මායාවක් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මූල්‍ය ස්ථාවරත්වය හා ඒකාබද්ධකරණය, අති උද්ධමනයට මුහුණ දීම, අසාධාරණ බදු ක්‍රමය වෙනස් කිරීම, අහිමි වී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ආපසු ලබාගැනීම යනාදී තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් මෙම අතුරු අයවැයෙන් ඉදිරිපත් කර නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අතුරු අයවැය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...