දිය රත්වෙන තුරු හැලියේ සිටින්නේ කවුද ? අයවැයේ සැඟවුණු කතාව කුමක්ද ? – සජිත් (VIDEO)

Date:

පවතින ආර්ථික අර්බුදය හමුවේ මුළු රටම ශෝකයෙන් හඬාවැටෙද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩු පක්ෂය පමණක් සතුටින් ඉපිළ යමින් සිටින බවත් ඔවුන් ජලය රත්වන තුරු සැළියේ දිය කෙළින කකුළුවන් වැනි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතුරු අයවැය සම්පූර්ණයෙන්ම ජනතාව රවටන මායාවක් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මූල්‍ය ස්ථාවරත්වය හා ඒකාබද්ධකරණය, අති උද්ධමනයට මුහුණ දීම, අසාධාරණ බදු ක්‍රමය වෙනස් කිරීම, අහිමි වී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ආපසු ලබාගැනීම යනාදී තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් මෙම අතුරු අයවැයෙන් ඉදිරිපත් කර නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අතුරු අයවැය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...