ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද (20) සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම කටයුතු ආරම්භ කෙරුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර ඊට පක්ෂය නියෝජනය කරන හිටපු සහ වත්මන් මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් එක්විය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තවදුරටත් රාජපක්ෂ මහතා පැවසුවේ ඒ අනුව ඉදිරියේදී දේශපාලනයේ වෙනසක් සිදුවන බවත් එයට තම පක්ෂය සුදානම් බවත්ය.
එමෙන්ම මෙවර මැයි දිනය පොහොය දිනට යෙදී ඇති බැවින් තම පක්ෂය මැයි දිනය සැමරීමක් සිදුනොකර ආගමික කටයුතුවල නිරත වන බව ද කියා සිටියේය.



