බලය ගන්න ලොකු සැලැස්මක් තියෙනවා – අලුත් අවුරුද්දේ පොහොටුවේ වැඩ අරඹමින් මහින්ද කියයි

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (20) සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එම කටයුතු ආරම්භ කෙරුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර ඊට පක්ෂය නියෝජනය කරන හිටපු සහ වත්මන් මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් එක්විය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තවදුරටත් රාජපක්ෂ මහතා පැවසුවේ ඒ අනුව ඉදිරියේදී දේශපාලනයේ වෙනසක් සිදුවන බවත් එයට තම පක්ෂය සුදානම් බවත්ය.

එමෙන්ම මෙවර මැයි දිනය පොහොය දිනට යෙදී ඇති බැවින් තම පක්ෂය මැයි දිනය සැමරීමක් සිදුනොකර ආගමික කටයුතුවල නිරත වන බව ද කියා සිටියේය.

” අලුත් අවුරුද්ද අපිට නම් ජයයි, රටේ ජනතාව සැමරුවේ නෑනේ. අවුරුද්ද ගැන හැගීමක් ඇති උනේ නෑ. ජීවන වියදම වැඩි වෙලා.

”බලය ගන්න අපිට ලොකු සැලැස්මක් තියෙනවා.අලුත් අවුරුද්දේ.

”අපි මැයි දිනය පෝය නිසා සමරන්නේ නෑ. අපි සිල් ගන්නවා.”

”වෙනසක් වෙනවා අනිවාර්යයෙන් .”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...