ඉදිරි සතිය තුළ “දැවැන්ත” භූමිකම්පාවක් ඇතිවිය හැකි බවට ජපානය අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයේ(20) දිනයේදී ටෝකියෝ අගනුවරට උතුරින් කිලෝමීටර් 530 (සැතපුම් 330) ක් දුරින් පිහිටි ඉවාට් ප්‍රාන්තයේ ඇති වූ රික්ටර් මාපක 7.7 ක භූමිකම්පාවකින් පසු ඉදිරි සතිය තුළ රික්ටර් මාපක 8.0ක පමණ “දැවැන්ත” භූමිකම්පාවක් ඇතිවීමේ අවදානම වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) නිවේදනය කර තිබේ.

භූමිකම්පාවෙන් පසු දහස් ගණනක් ජනතාවට වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත්ව උස් බිම් වෙත යන ලෙස දැනුම් දී ඇති අතර ජපානයේ ප්‍රධාන දූපත වන හොන්ෂු සහ හොක්කයිඩෝ හි උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවන්ට විශාල රළ ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කරන ඇත.

ජපානය පැසිෆික් “ගිනි වළල්ලේ” බටහිර මායිම දිගේ ප්‍රධාන භූ කම්පන තහඩු හතරක් මත පිහිටා ඇති අතර එය ලෝකයේ වඩාත්ම භූ කම්පන ක්‍රියාකාරී රටවලින් එකකි. ය වසරකට භූමිකම්පා 1,500 ක් පමණ අත්විඳින අතර ලොව පුරා 6.0 හෝ ඊට වැඩි විශාලත්වයකින් යුත් භූමිකම්පා වලින් 10% ක් පමණ වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...