ණය හිමියො එකඟ උනොත් විතරයි IMF ණය ලැබෙන්නෙ, ඒකට තව දීර්ඝ කාලයක් යයි – හර්ෂ

Date:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇති කරගත් පමණින් අද හෝ හෙට චෙක් එකක් අත්සන් කර ණය ලබාදෙනු ඇතැයි කිසිවෙකුත් විස්වාස නොකළ යුතු බව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ඇති කරගෙන තිබෙන මූලික එකඟතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය සහන ලබා ගැනීමට නම්, ද්විපාර්ශ්වික ලෙස ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට සිදුවන බවත්, ද්විපාර්ශ්වික ලෙස ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීමකින් තොරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය ආධාර ලබාදීම සම්බන්ධයෙන් මුල්‍ය අරමුදල ඉදිරි ක්‍රියාමාර්ගවල නොයන බවත් හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම චීනය මෙහිදී ඉතා වැදගත් සාධකයක් බවත්, මීට අමතරව ඉන්දියාව ඇතුළු ණයහිමි රටවල් සහ සංවිධාන සමග එකඟතාවයකට පැමිණිය යුතු බවත්, ජාත්‍යන්තර බැඳුම්කර හරහා මෙරටට ණය ලබා දී ඇති ආයතන සමගද එකඟතාවයකට පැමිණීම අනිවාර්ය බවත් ඔහු සඳහන් කරනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කාර්ය මණ්ඩල එකඟතාවය, විධායක අධ්‍යක්ෂවරුන් හමුවට රැගෙන යන්නේ ඉන් අනතුරුව බවද හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

මෙය ඉතා දිගු කලක් ගතවන හා සංකීර්ණ ක්‍රියාවලියක් බවත්, ජාත්‍යන්තර උපදේශන සමාගම් දෙකක් උපදේශකයන් ලෙස බඳවාගෙන තිබෙන්නේ මෙහි ඇති සංකීර්ණත්වය හේතුවෙන් බවත් ඔහු පවසනවා.

ඒ අනුව IMF සහාය ලබා ගැනීමේ ක්‍රියාවලියේ ඉතා අමාරුම කාලසීමාව එළඹෙන්නේ අද සිට බව මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...

වෙඩි තැබීමක් : එක් අයෙකු මරුට ..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : අද (02) පස්වරුවේ,...