ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තද වැසි – අද (24) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අප්‍රේල් 24) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...

මා සදාකාලිකවම සිහින දකින්නියක් – වර්ණ රසිකා ගුණවර්ධන

මේ දවස්වල තියෙන වැහිබර ගතියත් එක්ක පාන්දරම ඇහැරිලා හිමිදිරිය...

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...