ඩොලර් මිලියන 2.5 හොරකමට භාණ්ඩාගාර ලේකම් සහ ජනපති වගකිව යුතුයි. හර්ෂණ කාලයක් ඕස්ට්‍රේලියාවේ වැඩත් කරලා – Free Lawyers

මහාභාණ්ඩාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට භාණ්ඩාගාර ලේකම්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වගකිවයුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

“මේ හොරකම සිද්ධ වුණාට පස්සෙ පළවෙනියෙන්ම භාණ්ඩාගාර ලේකම්තුමා හර්ෂණ සූරියප්පෙරුම මහත්මයා වගකියන්න ඕනෙ. ඒ වගේම ජනාධිපතිතුමාත් මේකට සමානව වගකියන්න ඕනෙ. එතුමාට මේ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. ඔය හර්ෂණ සූරියප්පෙරුම මහත්මයා ඕස්ට්‍රේලියාවේ අවුරුදු ගාණක් පෞද්ගලික අංශයේ වැඩකරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ වැඩකරන ආකාරය එතුමා දන්නවා. එතුමාත් මේකට යම්කිසි සම්බන්ධද කියන එක ගැන සැකයක් මතුවෙනවා. ඒ පුද්ගලයා මහාභාණ්ඩාගාරයේ ලේකම් හැටියට තියාගෙන විමර්ශනයක් කරන්න පුළුවන්ද ? මේකෙ මොකක්ද තියෙන සාධාරණත්වය ? මම ජනාධිපතිතුමාට කියනවා පළමුව ඔබතුමාත් අයින් වෙන්න ඕනෙ, මහාභාණ්ඩාරයේ ලේකම්තුමාත් අයින් කරන්න ඕනෙ. අයින් කරන්නෙ නැතිව මේ විමර්ශනය කරන්න බැහැ. මේ සිද්ධිය වෙලා දැනට මාස තුනක් විතර වෙලා තියෙනවා. මේක එළියට ආවෙ නැහැ. ජනාධිපතිතුමාට සිද්ධ වෙනවා ගල් අඟුරු කොමිසම වගේ තව කොමිසමක් පත්කරන්න මහබැංකුවේ සිද්ධ වෙලා තියෙන අකටයුතුකම් ගැන. මොකද කවුරුත් මහබැංකුව ප්‍රශ්න කරන්නෙ නැහැ”

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති, ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...