ජාත්‍යන්තර සාම පාගමනට ගෞරවයක් වන අයුරින් කටයුතු කරන්න – ශ්‍රී ලංකා පොලිසිය

රෂිකා හෙන්නායක අප්‍රේල් 25, කොළඹ LNW :

වියට්නාම ජාතික භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ ලොව සුපතල “ආලෝකා” සුනඛයා සහභාගී වන ගෝලීය සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දක්වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අනුරාධපුරයෙන් ආරම්භ වූ මෙම සංචාරය නගර කිහිපයක් පසු කරමින් අප්‍රේල් 28 වන දින කොළඹ නිදහස් චතුරස්‍රයෙන් අවසන් වීමට නියමිතව ඇත.

පාගමන නැරඹීමට පැමිණෙන පිරිස් අධික ලෙස තෙරපීම සහ අනවශ්‍ය ලෙස ඡායාරූප ගැනීම මගින් දූත පිරිසට බාධා නොකිරීමට වගබලා ගත යුතුය.

විශේෂයෙන්ම කිසිවකුත් ස්පර්ශ කිරීමට උත්සාහ නොකර, උපරිම විනයකින් සහ සංයමයකින් යුතුව හැසිරෙන ලෙස බලධාරීන් මෙහිදී අවධාරණය කරයි.

මෙම ජාත්‍යන්තර වැඩසටහනට ගෞරවයක් වන අයුරින් කටයුතු කිරීම සහ දූත පිරිසේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු දෙනාගේ වගකීමක් ලෙස මෙම නිවේදනය පෙන්වා දෙයි.