ට්‍රම්ප්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට වෙඩි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයේ(25) රාත්‍රියේ වොෂින්ටන්හි හිල්ටන් හෝටලයේ පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය (White House Correspondents’ Dinner) අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබේ.

මේ අවස්ථාව සඳහා සම්බන්ධ වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනාධිපති ආර්යාව ඇතුළු ඇතුළු සම්භාවනීය අමුත්තන් නිරුපද්‍රිතව හෝටලයෙන් පිටව ගොස් ඇති අතර වෙඩි තැබීමේ සිද්ධියට සමබන්ධ වූ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු කැලිෆෝනියාවේ ටොරන්ස් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු වන කෝල් ටොමස් ඇලන් (Cole Tomas Allen) බව වාර්තා වේ.

ආරක්ෂක පරීක්ෂණ කලාපය අසලදී මොහු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් ආරක්ෂක නිලධාරියෙකුට තුවාල සිදුවුවද, ඔහු වෙඩි නොවදින ඇඳුම් ඇඳ සිටීම නිසා දිවි ගලවා ගැනීමට සමත් ව ඇත. සැකකාර ගුරුවරයා මෙම ප්‍රහාරය සඳහා යොමු වූ හේතුව විමර්ශනය කෙරෙමින් පවතින අතර පුවත් වාර්තාවලට අනුව, මෙම තැනැත්තා මීට පෙර කිසිදු සාපරාධී පසුබිමක් සහිත අයෙකු නොවන බවද අනාවරණය වී ඇත.