ජනාධිපති රනිල් පොරොන්දුව රැක්කා -කාක්කොත් එක්ක කොහොම දුරක් යයිද කියල බලමු (VIDEO)

රාජපක්ෂ පවුල,පොහොට්ටුව රකින බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණු පොරොන්දුව රැක ඇති බවට දැන් ඔහු විසින් ඔප්පු කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (03)මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

එය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණීමෙන් සනාථ වනබවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසන පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොසෑදෙන අතර පොහොට්ටුව පාලනය කරන කපුටු රජා විසින් පසෙක සිට ආණ්ඩුව මෙහෙයවන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඒඅනුව 40ක පමණ රාජ්‍ය අමාත්‍යවරු ලැයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙන බවත් ඉදිරියේදී මෙම කපුටු වැසියන් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව පවත්වාගෙන යන ආකාරය ගැනද විමසිල්ලෙන් සිටින බවයි නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...