මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකුට පහරදී ඝාතනය කරලා – ජේලර්වරයකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට !

කොළඹ, මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව ජේලර්වරයෙකු සහ නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පෙරවරුවේ මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියකින් බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීවරයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණු අතර එයින් එක් රැඳවියෙකු මරණයට පත්ව තිබිණි.

මෙම රැඳවියාට පහරදී ඝාතනය කර ඇති බවටයි ඔහුගේ ඥාතීන් චෝදනා කළේ.

එහෙත් බන්ධනාගාරයේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කර තිබුණේ රැඳවියන් දෙදෙනෙකු සිර මැදිරිවලින් පිටතට පැමිණ දිව යාමට උත්සහ කිරීමේ දී එය වළක්වාලීමට බන්ධනාගාර නියාමකවරයෙකු කටයුතු කර ඇති අතර එහිදී ඔවුන් ඇදවැටීමෙන් සිදුවූ තුවාලවලින් එක් රැඳවියෙකු මියගොස් ඇති බවකි.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණු අතර ඒ අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...