ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ යළි ගොඩනැගීමේ ක්රියාවලියට අදාළව Rebuilding Sri Lanka අරමුදලට පසුගිය අප්රේල් 26 වැනිදා වන විට රුපියල් මිලියන 9583ක් ලැබී ඇති බව කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි.
‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස අනිල් ජයන්ත ප්රනාන්දු මහතා කටයුතු කරයි.
රටවල් 49කින් ඊට අරමුදල් ලැබී ඇති අතර විදෙස් ගත ශ්රී ලාංකිකයින් මෙන්ම වෙනත් පිරිස් ද ඊට සහය දක්වා ඇති බවයි අමාත්යවරයා පවසන්නේ.
එම අරමුදල් අදාළ ගිණුමේ ආරක්ෂිතව පවතින අතර කිසිදු අවභාවිතයක් හෝ වෙනත් ගිණුමකට මාරු කිරීමක් සිදුව නොමැති බවද ඔහු කියා සිටියි.
දිට්වා ආපදාව හමුවේ යළි ගොඩනැගීමේ ක්රියාවලියට රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක්ද පාර්ලිමේන්තුව තුළ සම්මත වූ අතර ඒ අනුව මෙම වර්ෂය සඳහා දිට්වා ආපදා හමුවේ නැවත ගොඩනැගීමේ ක්රියාවලියට රු බිලියන 500ක් වෙන්ව පවතියි.
ඊට අමතරව Rebuilding Sri Lanka අරමුදලට මුදල් ලැබී ඇත.


