IMF එක්ක අත්සන් කළ ගිවිසුමේ කොන්දේසි වහාම හෙළිකරනු ! – ජවිපෙ වසන්ත

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ආණ්ඩුව අත්සන් තැබූ ගිවිසුමේ කොන්දේසි වහාම රටට හෙළිකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත්සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

“මේ ණය අර්බුදය ගැන, ආර්ථික අර්බුදය ගැන කතා කරන්න ගියපු සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ එදා හිටපු කබ්‍රාල් එක්කත් පැටළුණා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මොනවාද කියන කාරණාවට. දැන් අද අපට රනිල් එක්ක පැටළෙන්න වෙලා තියෙන්නෙ දැන් ඔයගොල්ලො ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගහපු ගිවිසුමේ කොන්දේසි මොනවද ? ආණ්ඩුව එකඟ වෙච්ච එකඟතාවට ආපු ලියවිල්ල අත්සන් කරලා දීලා ගිහිල්ලා තියෙනවා කියලා තමයි අපට ආරංචි. ඇයි මේක පාර්ලිමේන්තුවට දැම්මෙ නැත්තෙ ? ඇයි මේක රටට හෙළිකරන්නෙ නැත්තෙ ? ලංකාවේ ආණ්ඩුව එකඟ වෙච්ච එකඟතා මොනවාද කියලා ලෝකෙට කියන්න ඕනෙ”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...