උත්තර ලංකා සභාගයේ සභාපති විමල් – ජාතික සංවිධායක වාසු

Date:

ස්වාධීන පක්ෂ එකමුතුවේ සන්ධානය පිහිටුවීම අද මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණි. නව සන්ධානය උත්තර ලංකා සභාගය ලෙස නම්කර තිබෙනවා.

නව සන්ධානයේ සභාපතිවරයා ලෙස, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා තෝරාගෙන ඇති අතර සන්ධානයේ ලේකම් තනතුර, කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ජී. වීරසිංහ මහතාට හිමිව තිබේ.

ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පත්කර තිබෙනවා. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සහ සමසමාජ පක්ෂයේ ලේකම් තිස්ස විතාරණ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙසත් යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා නියෝජ්‍ය ලේකම්වරයා ලෙසත් පත්කර ඇත.

අතුරලියේ රතන හිමි අනුශාසකවරයා ලෙස කටයුතු කරයි.

මීට අමතරව ස්වාධීන පක්ෂ එකමුතුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි විධායක සභිකවරුන් පත්කර ඇති අතර විධායක සභාවේ වැඩි ප්‍රතිශතයක් විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණට හිමිව තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW: අද (13) දින ...

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...