සටහන: සශිකලා මධුෂාණි
මැයි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ මහා හරිත ප්‍රකාරය (Great Green Wall) යනු චීනය විසින් ගෝබි සහ තක්ලමාකාන් වැනි කාන්තාර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා දියත් කරන ලද දැවැන්ත පාරිසරික ඉංජිනේරු ව්‍යාපෘතියකි.
2050 වන විට නිම කිරීමට ඉලක්ක කර ඇති මෙය, උතුරු චීනයේ සැතපුම් 3,000+ ක් පුරා ගස් බිලියන ගණනක් සිටුවීම සහ වැලි කුණාටු දළ වශයෙන් 81% කින් අඩු කිරීම අපේක්ෂා කෙරේ,
මේ යටතේ මේ වන විට කිලෝමීටර මිලියන 4 ඉක්මවන ප්‍රදේශයක ගස් බිලියන 100 කට වඩා සිටුවනු ලබන අතර ජලය රඳවා තබා ගැනීම, ඩ්‍රෝන් බීජ වැපිරීම සහ විශේෂිත, නියඟයට ඔරොත්තු දෙන ගස් විශේෂ ගස් සිටුවනු ලැබේ. එමගින් කලක් වියළි හා නිසරු භූමියක්ව පැවති ප්‍රදේශයන් සෙමෙන් නමුත් ස්ථාවර ලෙස හරිත වර්ණයෙන් හැඩගැසෙමින් පවතින අතර මෙම වනාන්තර මගින් කාබන් අවශෝෂණය කර ගැනීමත්, පස ස්ථාවර කිරීමත් පමණක් නොව, කලාපයට මහත් පීඩාවක් ගෙන දෙන දූවිලි කුණාටු වල තීව්‍රතාවය අඩු කිරීමට ද විශාල දායකත්වයක් ලබා දෙයි.
කෙසේ වෙතත්, මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳව විද්‍යාත්මක ලෝකය තුළ විවිධ මතවාද පවතී. විශේෂයෙන්ම, සිටුවා ඇති ගස් නඩත්තු කිරීම සඳහා වැය වන අතිවිශාල ජල ප්‍රමාණය සහ තනි වර්ගයේ ශාක වගා කිරීම (monoculture) හේතුවෙන් ජෛව විවිධත්වයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ. මෙවැනි කෘත්‍රිම වනාන්තර දශක ගණනාවක් පුරා තිරසාරව පවත්වා ගත හැකිද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි.

