නව ගෙවීම් ක්‍රමවේදය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400 ක් අක්‍රිය වෙයි !

Date:

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමේදී හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය හේතුවෙන් දෛනිකව ඉන්ධන පිරවුම්හල් 400 කට වැඩි ප්‍රමාණයක් වැසී යන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

නව ක්‍රමවේදය අනුව ඉන්ධන ලබා ගැනීමට නම් ඊට පෙර දින රාත්‍රී 9.30 ට පෙර ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් අදාල මුදල් ගෙවා දැමිය යුතුය. එම කාලසීමාවට පෙර මුදල් ගෙවීමට අසමත් වුවහොත් පසුදින එම ඉන්ධන හල් හිමියන් වෙත ඉන්ධන නිකුත් කරනු නොලැබේ.

ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් නොකරන බැවින් එකවර විශාල මුදලක් රැස්කර ගැනීමට නොහැකි බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එමනිසා නව ක්‍රමවේදය අනුව ඉන්ධන ලබා ගැනීමට පෙර සියලු මුදල් ගෙවීම බොහෝ පිරවුම්හල් හිමියන්ට දුෂ්කර කටයුත්තක් බවද එම සංගමය පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...