අගමැති නරේන්ද්‍ර මෝදිට බටහිර බෙන්ගාලයෙන් ඉතිහාසයේ පෙර නොවූ විශිෂ්ඨ ජයක්

සටහන: සශිකලා මධුෂාණි
මැයි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
මිලියන 100 කට අධික ජනතාවක් වෙසෙන බටහිර බෙංගාලයේ අද(04) පැවති මැතිවරණයේ අගමැති නරේන්ද්‍ර මොදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) විශිෂ්ඨ ජයක් වාර්තා කර ඇති බව වාර්තා වේ.

මෙම ජයග්‍රහණය වසර 12 ක පාලන සමයේ වඩාත්ම වැදගත් ඉදිරි ගමනක් වනු ඇති අතර ජනගහනයෙන් ආසන්න වශයෙන් 27% ක් හෙවත් ප්‍රාන්තයේ ආසනවලින් තුනෙන් එකක් පමණ සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් සිටීන මෙහි භාරතීය ජනතා පක්ෂය මෙවර ආසන 294 න් 200 ක් ජයග්‍රහණය කර තිබිණි.

බටහිර බෙංගාලයේ භාරතීය ජනතා පක්ෂ ව්‍යාපාරයට ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා නායකත්වය ලබා දී තිබු අතර 2011 සිට නැගෙනහිර ඉන්දියානු ප්‍රාන්තයේ බලයේ සිටින මධ්‍යස්ථ දේශපාලන බලවේගයක් වන මහ ඇමතිනි මමතා බැනර්ජි යටතේ සමස්ත ඉන්දීය ත්‍රිනාමුල් කොංග්‍රස් (ටීඑම්සී) පක්ෂය හරහා වසර 15ක් මෙහි බලය දරන ලදී.

මෙවර මැතිවරණය වෙනුවෙන් බටහිර බෙංගාලයට පැරාමිලිටරි භට කණ්ඩායම් 2,400ක් යොදවා තිබු අතර නමුත් සමස්ත ඉන්දීය ත්‍රිනාමුල් කොංග්‍රස් (ටීඑම්සී) සහ අනෙකුත් විරුද්ධ පක්ෂ තර්ක කළේ පැරාමිලිටරි භට කණ්ඩායම් ඡන්දදායකයින් බිය ගැන්වීමට හෝ බලපෑම් කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනී!

කොළඹ LNW:ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් අල්ලස් චෝදනාවක් මත...

ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බලකොටු බිඳ වැටේ ඩිමොක්‍රටික්ස් පක්ෂයට ඓතිහාසික ජයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 04: ඇමෙරිකානු දේශපාලනයේ තීරණාත්මක...

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...

පොලිස්පතිට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම්...