ඊලෝන් මස්ක් ඇයට ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බව හිටපු OpenAI මණ්ඩල සාමාජිකාවක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

සටහන – පුලී

මැයි 07, LNW (කොළඹ): ඊලෝන් මස්ක් සමඟ තිබූ සාම්ප්‍රදායික නොවන පෞද්ගලික සම්බන්ධතාවය ඔහුගේ දරුවන් හතර දෙනෙකු ලැබීම දක්වා වර්ධනය වූ ආකාරය OpenAI අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජිකාවක් පැහැදිලි කර කරයි.

මස්ක්ගේ දරුවන් හතර දෙනෙකුගේ මවක් වන සහ හිටපු OpenAI කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන ෂිවොන් සිලිස්, ලොව ධනවත්ම මිනිසා සමඟ ඇති ඇගේ අසාමාන්‍ය සම්බන්ධතාවය ප්‍රසිද්ධ වාර්තාවකට ඇතුළත් කරමින්, එක්සත් ජනපද අධිකරණයකදී මස්ක් ඔහුගේ ශුක්‍රාණු ඇය සමඟ බෙදා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව කියා සිටියාය.

OpenAI ලාභ ලබන සමාගමක් බවට පත් කිරීම ආපසු හැරවීමට උත්සාහ කරමින් මස්ක්ගේ නඩුවේ කොටසක් ලෙස ඉකුත් බදාදා කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි ෆෙඩරල් උසාවියක පැය ගණනක් සාක්ෂි දෙමින් ෂිවොන් සිලිස් මේ පිළිබඳව පැවසීය.

සිලිස්ගේ ප්‍රකාශන වල කේන්ද්‍රය වූයේ සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත්වීම පිළිබඳව මස්ක් සමඟ කළ මුල් සාකච්ඡාවලට ඇය සෘජුවම සම්බන්ධ වීම පමණක් නොව, ඇය OpenAI හි උපදෙස් දුන් පරිදි මස්ක් සමඟ වැඩ කළ ආකාරය සහ ඔහු සමඟ සම්බන්ධ වූ ආකාරය පිළිබඳවය.

“මට ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න ඕන වුණා, ඒ කාලේ තමයි එලොන් ඒ යෝජනාව කළේ, මම ඒක පිළිගත්තා,” 2020 දී මස්ක් ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බව පැහැදිලි කරමින් ඇය පැවසුවාය.

“ඒ කාලේ එයා වටේ හිටපු හැමෝටම ළමයි හදන්න කියලා දිරිමත් කළා. මම එහෙම කළේ නෑ කියලා එයාට තේරුණා.” එහි ප්‍රතිඵලයක් ලෙස “එයා පරිත්‍යාගයක් කරන්න ඉදිරිපත් වුණා,” සිලිස් පැවසීය.

සිලිස් වසර 15 කට වැඩි කාලයක් Silicon Valley හි සේවය කර ඇති අතර මස්ක්ගේ මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා සහ ඔහුගේ ස්නායු තාක්ෂණ සමාගමක් වන නියුරලින්ක් හි විධායක තනතුරු හෙබවීය.

ඇය 2016 දී උපදේශකවරියක් ලෙස OpenAI හා සම්බන්ධ වූ බවත්,  ඇය මස්ක්ව මුලින්ම මුණගැසුණු ආකාරය මෙම තනතුර හරහා බවත් සිලිස් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...