ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: ග්රීක බැඳුම්කර සිද්ධියට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව යළිත් වරක් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ.
ඒ අනුව 2012 වසරේදී ග්රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්වම ග්රීක බැඳුම්කර මිලදීගැනීම හරහා ශ්රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත යළි එම නඩුව විභාග වීමට නියමිතය.
මෙලෙස අල්ලස් කොමිසම විසින් නැවත නඩුව පවරා ඇත්තේ මීට පෙර අධිකරණය විසින් පනවා තිබූ, මාස තුනක් ඇතුළත රු.බිලියන 1.8 මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසිය කඩකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේය.
මෙම ග්රීක බැඳුම්කර සිද්ධිය අළලා 2012 ඔක්තෝම්බර් 31 වැනිදා පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ විසින් ගොනුකරන ලද නඩුව ශ්රේෂ්ඨාධිකරණය විසින් 2014 සැප්තැම්බර් 18 නිෂ්ප්රභා කළේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් මණ්ඩලය කිසිදු ආකාරයක දුෂණයක හෝ වැරදි කළමනාකරණයක් හෝ සිදුකර නොමැති බවට ප්රකාශ කරමිනි. ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ශ්රීපවන්,ආර් මාරසිංහ සහ සරත් ද ආබෘ යන විනිසුරු මඩුල්ල විසින් එලෙස එම නඩුකරය නිෂ්ප්රභා කරන ලදී.
නැවත වරක් 2024 අප්රේල් 03 වැනි දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොණු කරමින් යළිත් මහ බැංකු හිටපු අධිපතිවරයා ඇතුළු පිරිසට එරෙහිව නඩුව පැවරීය. එම අවස්ථාවේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා සෙසු චූදිතයින් විසින් දක්වන ලද මූලික විරෝධතා සලකා බැලීමෙන් පසු මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ විසින් එම නඩුව නිෂ්ප්රභා කළේය. ඒ දෙවෙනි අවස්ථාවය.
නැවතත් 2024 අගෝස්තු 16 වැනි දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ මෙම ග්රීක බැඳුම්කර නඩුව ගොණු කරන ලදී.
2011 මාර්තු මාසයේදී ග්රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම හරහා මහ බැංකුවට රු. බිලියන 1.8ක පමණ අලාභයක් සිදු කර ඇති බව පවසමින් ඒ හරහා දුෂණයක් සිදුව ඇතැයි යන චෝදනාව මත හිටපු මහ බැංකු අධිපතිවරයාට සහ තවත් නිලධාරීන් 4කට එරෙහිව අධිචෝදනාවක් එල්ල කරන ලදී.
අනතුරුව නඩු වාර කිහිපයකින් පසුව කොන්දේසි සහිතව එම අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීම සිදුවිය. ඒ, පසුගිය වසරේ දෙසැම්බර් 25 වැනි දිනය. එහිදී මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් විසින් සියලු චූදිතයින් නිදහස් කොට නඩුව අවසන් කළේය.
එම අවස්ථාවේ නඩුව ඉවත්කරගනිමේදී අල්ලස් කොමිසමේ කොන්දේසිය වී තිබුණේ බැඳුම්කර ගණුදෙනුවේදී සිදුව ඇතැයි කියන රු.බිලියන 1.8 මාස තුනක කාලයක් තුළ ගෙවාදැමිය විය යුතු වීමය. එහෙත් එය හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ප්රතික්ෂේප කර තිබුණි.


