කපිල චන්ද්‍රසේනගේ මරණය සැක සහිතයි – පොලීසිය අධිකරණයට කරුණු කියයි

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන ඔහුගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැනුණි.

ඔහු සිය ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අමෙරිකානුඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියට අදාළව ඔහුව පසුගිය මාර්තු මස 12 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර අනුතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත විය.

මාස 02කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේන මහතා මැයි මස 05 වැනිදා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

කෙසේවෙතත් ඇප මත මුදාහැරීමේ දී ඔහු විසින් ඉදිරිපත් කළ ඇපකරුවන් දෙදෙනා රුපියල් 15,000 බැගින් මුදල් ගෙවා ලබාගත් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු බවට අනාවරණය වී තිබීම හේතුවෙන් ඊයේ අධිකරණයට කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසම පැවසුවේ සැකකාර කපිල චන්ද්‍ර සේන මහතා මෙම ක්‍රියාව හරහා අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවය.

ඒ අනුව ඔහුගේ ඇප අවලංගු කිරීමට ඊයේ (07) අධිකරණය කටයුතු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...