2026 ශ්‍රී ලංකා විදුලි ගාස්තු සංශෝධන වාර්තාව එළියට: කාරණා 3ක් මුල්කර ගනිමින් විදුලි ගාස්තුව 18%කින් ඉහළට!

රෂිකා හෙන්නායක මැයි 09, කොළඹ LNW :

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

මෙම සංශෝධනය ප්‍රධාන වශයෙන්ම මසකට ඒකක 180කට වඩා පරිභෝජනය කරන ඉහළ පෙළේ ගෘහස්ථ පාරිභෝගිකයන්, රජයේ ආයතන සහ මහා පරිමාණ කර්මාන්ත ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වේ.

විදුලි උත්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඇති වූ රුපියල් බිලියන 38ක මූල්‍ය හිඟය පියවා ගැනීම මෙහි මූලික අරමුණයි.

කෙසේ වෙතත්, රජය විසින් ලබාදෙන සහනාධාරයක් හේතුවෙන් සමස්ත පාරිභෝගිකයන්ගෙන් සියයට 95ක්ම මෙම මිල ඉහළ යාමෙන් නිදහස් කර ඇති අතර, අඩු ඒකක ප්‍රමාණයක් භාවිතා කරන පවුල්වලට ඉන් බලපෑමක් සිදු නොවේ.

මීට අමතරව, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ සංචාරක හෝටල් ක්ෂේත්‍රය සඳහා පවතින ගාස්තු තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට පියවර ගෙන ඇත.

මේ අනුව, ආර්ථික වශයෙන් සංවේදී ක්ෂේත්‍ර ආරක්ෂා කරමින් ඉහළ පරිභෝජනයක් සහිත සීමිත පිරිසකගෙන් පමණක් අමතර පිරිවැය අය කර ගැනීමට මෙම සැලසුම මගින් අපේක්ෂා කෙරේ. මෙම ගාස්තු ඉහළ නැංවීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදුවන බව පැවසේ..

18%ක විදුලි ගාස්තු වැඩිවීම සිදුවන්නේ මෙසේයි.

ගෘහස්ථ පාරිභෝගික ඒකක 0 – 180 අතර, විදුලි ගාස්තු වැඩිවීමක් නොමැති අතර, 180ට වැඩි නම් 18%ක් 

පොදු කාර්යය (GP 1/) ඒකක 180ට අඩු කාණ්ඩ සඳහා ගාස්තු වැඩිවීමක් නොමැති අතර, GP 2/GP 3 කාණ්ඩ සඳහා  18%ක් 

සියලුම රාජ්‍ය ආයතන සඳහා 18%ක්

හෝටල් ක්ෂේත්‍රයේ H1 සහ H2 සඳහා ගාස්තු ඉහළ යෑමක් නොමැති අතර, පරිභෝජනය වැඩිනම් 18%ක්

සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා ගාස්තු වැඩිවීමක් නොමැති අතර, විශාල ප්‍රමාණයේ කර්මාන්ත සඳහා18%ක්

විදුලි පරිභෝජනය ඒකක 180ට අඩු පූජනීය ස්ථාන සඳහා ගාස්තු ඉහළ යෑමක් නොමැති අතර,

ඒකක 180ට වැඩි නම් 18%ක්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...