කපිල චන්ද්‍රසේනගේ මරණ සම්බන්ධ විමර්ශන CCD භාරයට!

කොළඹ LNW:ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.

කොල්ලුපිටියේ ඔහුගේ ඥාතියෙකුට අයත් නිවසක් තුළදී සියදිවි නසා ගෙන යැයි සැකකරන කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර ඊයේ දිනයේ සොයා ගැනුණු අතර මේ වන විට ඔහුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර මේ වන විට මරණ පරීක්ෂණය පැවැත්වෙන බව වාර්තා වෙයි.

ස්ථානීය මරණ පරීක්ෂාවෙන් පසු කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා උක්ත වෛද්‍යවරු පස්දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබුණි.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී ආරම්භ කෙරුණි.

2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව දින 54ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චන්ද්‍රසේන මහතා පසුගිය මැයි 05 වනදා අධිකරණය විසින් ඇපමත මුදාහරුණි.

අනතුරුව අධිකරණයට වාර්තා වී තිබුණේ කපිල චන්ද්‍රසේන මහතා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහා ඥාතීන් බවට ව්‍යාජ ලෙස අඟවමින් පුද්ගලයින් 02 නෙකු ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව අධිකරණයේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එම ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුට යළි වරෙන්තු නිකුත් කළේය.

යළි අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝගය පනවා තිබුණු පසුබිමක චන්ද්‍රසේන මහතා අනපේක්ෂිත ලෙස මය ගොස් ඇති බවට වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...