“ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරුණ හා ක්‍රීඩා සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර”

රෂිකා හෙන්නායක මැයි 11, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයියර් නසීර් (Maj. Gen (R) Dr. Nayyar Naseer) මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර විශේෂ හමුවක් අද (11) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින්, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත තරුණ හුවමාරු වැඩසටහන් (Youth Exchange Programs) පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම දෙරටේ තරුණ පරපුරේ කුසලතා සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා වන නිල අවබෝධතා ගිවිසුමකට (MoU) එළැඹීමට ද මෙහිදී එකඟතාවය පළ විය.

මීට අමතරව, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා වන සහයෝගීතාවය පිළිබඳව ද අවධානය යොමු වූ අතර, දෙරට අතර ක්‍රිකට් තරගාවලීන් සංවිධානය කිරීම සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පකිස්ථානයේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගන්නා ලදී.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් තරුණ හා ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි නව පිම්මක් ඇති කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇතිවූ බව කියූ ගැටුමේ නඩුවෙන් පොලිස් කොස්තාපල් නිදහස් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "දළ ජාතික සතුට" (Gross...