රෂිකා හෙන්නායක මැයි 11, කොළඹ LNW :
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු ගොඩනැගිල්ලකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන සිද්ධියට අදාළව වැරදිකරු වූ අයෙකු බව එහි සඳහන් වේ.
මෙම අනතුර සිදුවීමෙන් පසු ඔහුව කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණද, ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇත.
බන්ධනාගාර ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙම මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා තහවුරු කරයි.


