ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව නැවතත් කල්යයි

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ලබන 25 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී විත්තිකාර ශෂී වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට පැවසුවේ එම නඩුවේ සාක්ෂි මෙහෙයවීමට පෙර නඩුකරයට අදාළව පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීමට තමාට අවශ්‍ය බවත් සාක්ෂි ආඥා පනත යටතේ තමන්ට එවැනි ප්‍රවේශයක් මේ දක්වා ලබාදී නොමැති බැවින් මෙම නඩුව ඉදිරියට විභාග කළ නොහැකි බවත් ය.

ඒ අනුව, මෙම නඩු විභාග ආරම්භ කිරීමට පෙර සාක්ෂි වශයෙන් යොදාගන්නා ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා විත්තියට අවකාශ ලබා දෙනවාද යන්න පිළිබඳ ස්ථාවරය මීළඟ දින දැනුම්දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහේස්ත්‍රාත්වරයා , නඩුව ලබන 25 වනදා යළි කැඳවන ලෙසත් නියම කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...

Formula One’ ලෝක ශූරයා වූ කිමි ඇන්ටනෙලි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: වයස අවුරුදු 20 න්...

බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බළකාය...

දැනුවත් වෙන්න.පරීක්ෂා කරගන්න.පියයුරු පිළිකා අවධානමෙන් මිදෙන්න – අද රට පුරා විශේෂ සායන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පියයුරු පිළිකා වළකා ගැනීම වෙනුවෙන් අද (02)...