රෂිකා හෙන්නායක මැයි 12 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකානු ජාතික පාපන්දු කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක ජොනී කාඩෝසෝට දරුණු පාදයේ ආබාධයක් හේතුවෙන් ඉදිරි ලෝක කුසලාන තරගාවලිය අහිමි වනු ඇතැයි අනාවරණය වේ.
ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරන ඔහු සිය දකුණු විලුඹේ ඇති වූ ආබාධයක් සඳහා ශල්‍යකර්මයකට භාජනය වීමට නියමිත අතර, මෙය සම සත්කාරකත්වය දරන ඇමරිකානු කණ්ඩායමට එල්ල වූ දැඩි බලපෑමකි.
කණ්ඩායමේ පුහුණුකරු මොරිසියෝ පොචෙටිනෝ සිය සංචිතය නම් කිරීමට සූදානම් වන මොහොතක, ක්‍රිස්ටියන් පුලිසික් ඇතුළු තවත් ප්රමුඛ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආබාධවලට ලක්ව සිටීම කැපී පෙනේ.
ලෝක කුසලානයට පෙර ඇමරිකාව සෙනගාලය සහ ජර්මනිය සමඟ පුහුණු තරග පැවැත්වීමට නියමිතව ඇති බව ද සඳහන් වේ.



