අත්අඩංගුවට ගෙන සිටින දමිතා ගැන විමසීමට විපක්ෂ නායකවරයා කොටුව පොලිසියට

Date:

අත්අඩංගුවට ගෙන රඳවා සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) පෙරවරුවේ කොටුව පොලිසිය වෙත පැමිණියේය.

ඉකුත් දිනවල පුරවැසි අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වූ දමිතා අබේරත්න මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පිටතට පෙනෙන්නට විපක්ෂයේ සහාය ඉල්ලා සිටින ආණ්ඩුව, ඊට හාත්පසින්ම වෙනස් ලෙස පුරවැසියන්ව දඩයම් කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා ඒ අවස්ථාවේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

මේ තත්ත්වය පිළිකුලෙන් හෙළා දකින බව පැවසූ විපක්ෂ නායකවරයා, ආණ්ඩුව කළ යුත්තේ ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම මිස ජනතාව දඩයම් කිරීම නොවන බව ද පැවසීය.

ආණ්ඩුවට, තරුණයින් ව, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ව, කලාකරුවන්ව පේන්නට බැරි බවත් ඔවුන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කල්පනා කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මේ රාජ්‍ය ම්ලේච්ඡත්වයට සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව සමගි ජන බලවේගය ජනතාව සමග අරගල කරන බවත් ප්‍රකාශ කළේය.

දමිතා අබේරත්න කලා ශිල්පිනියට පොලීසියට එන්නටයැයි කැඳවා තිබුණේ නව වෙනිදා වුවත් ඊයේ (07) දියත උයන පරීක්ෂණ පැවති විරෝධතාවයකට එක් වූ අවස්ථාවේ ඇයව ක්ෂණිකව අත්අඩංගුවට ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...