ඉබෝලා වෛරසයේ හිස එසවීමක්; කොංගෝවෙහි 80ක් පමණ මිය ගිහින්!

සටහන – පුලී

මැයි 16, LNW (කොළඹ): කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර ඉටුරි පළාතේ ඉබෝලා පැතිරීමක් පිළිබඳ තතු අප්‍රිකාවේ ඉහළම සෞඛ්‍ය ඒජන්සිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ප්‍රධාන වශයෙන් රන් කැණීම් කරන නගර වන මොන්ග්වාලු සහ රුවම්පරා නගරවල රෝගීන් 246 ක් සහ මරණ 80 ක් පමණ මේ වනවිට වාර්තා වී ඇති බව අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (අප්‍රිකා CDC) ප්‍රකාශ කරන ලදී.

උගන්ඩාවේ නිලධාරීන් පිරිසක් ඉකුත් සිකුරාදා කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් ආ ඉබෝලා රෝගයක් පිළිබඳ තතු තහවුරු කළ අතර, ඉකුත් බ්‍රහස්පතින්දා මියගිය 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

මෙම ඉබෝලා වෛරසය ප්‍රථම වරට 1976 දී වර්තමාන කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස හඳුන්වන ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද අතර එය වවුලන්ගෙන් පැතිර ගිය බවට සැලකේ. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ආසන්න...

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...