හැටන් දුරකථන තඹ කේබල් මංකොල්ලය : සැකකරුවන් කොටුවෙයි!

රෂිකා හෙන්නායක මැයි 17, කොළඹ LNW :

හැටන් ටෙලිකොම් ආයතනයට අයත් රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා තඹ රැහැන් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නෝර්වුඩ්, මස්කෙළිය සහ කාසල්රි යන ප්‍රදේශවල දුරකථන සබඳතාවලට බාධා කරමින් මෙම පිරිස රාත්‍රී කාලයේදී කේබල් රැහැන් කපා සොරකම් කර ඇති බව හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස මෙම රැහැන් පුලුස්සා ලබාගන්නා තඹ කිලෝවක් රුපියල් 2500 බැගින් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි බව මූලික පරීක්ෂණවලදී අනාවරණය විය.

සැකකරුවන් පදිංචි නිවසක් පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ විශාල රැහැන් තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, මොවුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම සිදුකර ඇත්තේ ප්‍රදේශයේ ටෙලිකොම් නිලධාරීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Formula One’ ලෝක ශූරයා වූ කිමි ඇන්ටනෙලි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: වයස අවුරුදු 20 න්...

බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බළකාය...

දැනුවත් වෙන්න.පරීක්ෂා කරගන්න.පියයුරු පිළිකා අවධානමෙන් මිදෙන්න – අද රට පුරා විශේෂ සායන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පියයුරු පිළිකා වළකා ගැනීම වෙනුවෙන් අද (02)...