විදුලි කප්පාදුව ගැන කංචන – ජනක රත්නායක මත දෙකක ! විදුලි නිෂ්පාදනයට ගල්අඟුරු නෑ !

පසුගිය දිනවල පැවති වැසි තත්වය හේතුවෙන් මේ වනවිට විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජලාශවල සම්පූර්ණයෙන්ම පිරීගොස් ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඒ අනුව ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවයෙන් යුක්තව ක්‍රියාත්මක වන බවද සභාපතිවරයා පවසනවා.

මෙම තත්වය මත ලබන දෙසැම්බර් මාසය දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ. මේ වනවිට දෛනිකව පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වන නමුත් පසුගිය 03 වැනිදා සිට එම විදුලි කප්පාදුව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවයක් නොතිබූ බවද ඔහු පවසනවා.

තාප බලාගාර සඳහා භාවිතා කරන ගල්අඟුරුවල යම් ගැටලුවක් මතුව තිබෙන නමුත් මෙම වසර සඳහා විදුලි ඉල්ලුම සපුරාලීමට ගල්අඟුරු තොග ප්‍රමාණවත් වනු ඇති බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විස්වාසය පළ කරනවා.

කෙසේ නමුත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන වි‌ජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මේ වනවිට විදුලිබල මණ්ඩලය සතු ගල්අඟුරු තොග ඔක්තෝබර් 15 වැනිදා දක්වා පමණක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් වන බවයි. වසරේ ඉදිරි කාලය සඳහා අවශ්‍ය ගල්අඟුරු සපයා ගැනීමට නොහැකි වුවහොත් ඔක්තෝබර් 15 වැනිදා සිට පැය 08 ක දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවනු ඇති බවද ඇමතිවරයා සඳහන් කරනවා.

මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රතිශතයක් සපුරා ගන්නේ ගල්අඟුරු බලාගාරවලිනි. ඒ අනුව ගල්අඟුරු බලාගාර ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...