සටහන: සශිකලා මධුෂාණි
මැයි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කොංග්රස් අනුමැතියකින් තොරව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉරානයට එරෙහිව මිලිටරි බලය යෙදවීම වැළැක්විය හැකි යුද බලතල යෝජනාවක් එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් ඉදිරිපත් කර ඇත.
යෝජනාව ඉදිරියට ගෙන යාම සඳහා වූ ක්රියා පටිපාටික පියවරක් ලෙස ඊයේ(19)දිනයේදී පවත් වූ ඡන්ද විමසීමෙන් 50 ට 47 ක ඡන්ද ප්රතිශතයකින් සම්මත වූ අතර, රිපබ්ලිකන්වරුන් අතලොස්සක් ඩිමොක්රටික් සගයන් සමඟ එක්වී මෙම යෝජනාව සම්මත කර තිබිණි.
ඩිමොක්රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය කිහිප දෙනෙකු කොංග්රසය ඉදිරියට පැමිණ ඔහුගේ යුද්ධය සඳහා අවසරය ලබා ගන්නා ලෙස ජනාධිපති ට්රම්ප්ගෙන් ඉල්ලා සිටි අතර ට්රම්ප් පරිපාලනය පවසන්නේ ජනාධිපතිවරයාගේ ක්රියාමාර්ග නීත්යානුකූල බවත් අණ දෙන නිලධාරියා ලෙස ඔහුගේ අයිතිවාසිකම් තුළ මෙන්ම සීමිත මිලිටරි මෙහෙයුම් නියෝග කිරීමෙන් එක්සත් ජනපදය ආරක්ෂා කිරීමේ ඔහුගේ වගකීම බවත්ය.
කෙසේ නමුත්, වියට්නාම් යුද්ධයට ප්රතිචාර වශයෙන් සම්මත කරන ලද 1973 එක්සත් ජනපද යුද බලතල නීතිය යටතේ, එක්සත් ජනපද ජනාධිපතිවරයෙකුට හමුදා ක්රියාමාර්ග ගත හැක්කේ දින 60 කට පෙර පමණක් වන අතර, එය දීර්ඝ කිරීමට නම් කොන්ග්රසයේ අනුමැතිය අවශ්ය වේ.

