ඉබෝලා පැතිරීම සීග්‍රයෙන් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි
මැයි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව DRCකොංගෝවේ හා උගන්ඩාවේ ඉබෝලා වසංගතය සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

මේ වන විට හඳුනාගත් මරණ 139ක් හා රෝගීන් 600ක ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ වෛරසය හඳුනා ගැනීමට ගතවන කාලය අනුව සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

WHO විසින් පසුගිය 17වන ඉරිදා DRCකොංගෝවේ හා උගන්ඩාවේ ඉබෝලා පැතිරීම මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් බවට ප්‍රකාශයට පත් කරන ලදී. වෛරසය කොපමණ කාලයක් පැතිරී ඇත්දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ සිදුවෙමින් පවතින නමුත් සම්ප්‍රේෂණය මැඩපැවැත්වීම ඔවුන්ගේ ප්‍රමුඛතාවය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.

ඉබෝලාහි ප්‍රභේදයක් වන වන්ඩිබුග්යෝ මෙලෙස සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර මේ වෙනුවෙන් ඉලක්ක කරගත් ඖෂධ ද නොමැති අතර, ප්‍රතිකාර කිරීම දුෂ්කර කර තිබේ. කෙසේ නමුත් සායනික පරීක්ෂණ වලට අනුව නව එන්නතක් සොයා ගැනීමට මාස හයේ සිට නවය දක්වා කාලයක් ගතවනු ඇති බව කියවේ.

ඉබෝලා ප්‍රථම වරට 1976 දී වර්තමාන කොංගෝ ප්‍රාන්තයෙන් සොයා ගන්නා ලද අතර එය වවුලන්ගෙන් පැතිරී ඇති බව සැලකේ. මෙම වෛරසය ශරීර තරල සමඟ සෘජු ස්පර්ශය හරහා සහ කැඩුණු සම ​​හරහා පැතිරෙන අතර, එය දරුණු රුධිර වහනයක් සහ අවයව අක්‍රිය වීමක් ඇති කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...